ඕමානයේදී විවිධ හිරිහැර පීඩාවන්ට ලක්වූ පිරිසක් දිවයිනට
රැකියා සඳහා ඕමානයට ගොස් විවිධ හිරිහැර පීඩාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඕමානයේ මස්කට් අගනුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් ඊයේ රාත්‍රියේ මෙම පිරිස පැමිණි අතර, වැඩි පිරිසක් ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
රැකියා සඳහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස්, කණ්ඩායම් වශයෙන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙම පිරිස පැමිණ ඇති බව සඳහන්. ඔවුන් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා.