‘ලූඩෝ’ සම්මාන 18ක් සඳහා නිර්දේශ වෙයි
අනුරාග් බාසු විසින් අධ්යක්ෂණය කරනු ලැබු ‘ලූඩෝ’ චිත්රපටය තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත 66 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේ සම්මාන 18ක් සඳහා නිර්දේශ වි ඇත. එය මෙතෙක් ‘ෆිල්ම් ෆෙයර්’ සම්මාන උළෙලකදී චිත්රපටයක් විසින් වැඩිම සම්මාන ගණනාවක් සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව වෙයි.
‘ලූඩෝ’ පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා අන්තර්ජාලය තුළ ප්රදර්ශනය කර තිබුණි. හොඳම චිත්රපටය, චිත්රපට අධ්යක්ෂවරයා මෙන්ම හොඳම නළුවා හා නිළිය සම්මාන ඇතුළු ප්රධාන සම්මාන සඳහාද මෙම චිත්රපටය නිර්දේශ වී ඇත.