කාර්තික් නිසා ‘බූල් බූලියා’ හි වැඩ නවති
මෑත කාලයේ අතිශය ජනප්රියත්වයට පත් ‘ලව් ආජ් කල්’ දෙවැන්න, ‘පති පත්නි අවර් හම්’ හා ‘ලූකා චුප්පි’ චිත්රපටවල ප්රධාන චරිතය නිරූපණය කළ යොවුන් සිනමා නළු කාර්තික් ආර්යන් මේ වනවිට ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට පත්ව ඇත.
මේ නිසාවෙන් ඔහු අවසන් වරට සහභාගී වි සිටි ‘බූල් භුලියා’ දෙවැනි චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට මුළුමණින්ම නවතා දමා ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම කාර්තික් ඇතුළු රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ වූ සියලු දෙනාම මේ වනවිට ‘කොවිඩ්’ පරික්ෂණ සඳහා යොමු කර තිබෙන බවද දැන ගැනීමට ලැබේ.