ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරියට එරෙහිව පැමිණිලි 14ක් – පොලිසියේම රුවන් ගුණසේකර සහ ජාලිය සේනාරත්න පැමිණිලිකරුවන් අතර
මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චිට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ, පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ ඇයව පත් කර ඇති බවට පවසමින්.
මේ අනුව අදාළ පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතරට අයත් නීති කොට්ඨාශය භාර අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සිට පසුගිය දා මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න සහ පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද(12) පොලිස් කොමිසම වෙත කැදවනු ලැබුවා.
බිම්ෂානි ජාසිංආරච්චි පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයා විසින් සුබසාධන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පොලිස් කොමිසම ලබාදුන් නිර්දේශයකට අනුවයි.