විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුල මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,828 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 286,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 18 කින් ගුවන් මගීන් 1,097 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි ගුවන් මගීන් අතර ඉන්දියාවේ චෙන්නායි සිට 123 දෙනකුද කටාර් රාජ්‍යය දෝහා සිට තවත් ගුවන් මගීන් 123 දෙනෙකු ද සිටියහ .
මෙසේ පැමිණි ගුවන් මගීන් සියලුම දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් යානා 21 කින් ගුවන් මගීන් 731 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
එසේ පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 161 දෙනකු සිටියහ .
එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ලෝකයේ විවිධ රටවල් 49 කින් පමණ විදේශීය සංචාරකයන් 208 දෙනකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ .
එමෙන්ම මෙම කාලසීමාව තුළ කිලෝ ග්‍රෑම් 129,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබූ අතර , තවත් කිලෝ ග්රැම් 157,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස විදේශ රටවල් බලා කටුනායක ගුවන්තොටුපළෙන් රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.