පළාත් සභා සේවකයන් පිරිසක්, මධ්‍යම රජය ඉල්ලයි

පළාත් සභා පාසල්වල සිටින අනධ්‍යයන සේවකයන් මධ්‍යම රජය යටතට අනුයුක්ත කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

මහනුවර ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මේ බව කියා සිටියා.