තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබෙනවා.

මෙම මරණ 04ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 575ක් දක්වා ඉහළ ගියා.

ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි කාන්තාවක් සහ 67, 87 සහ 90 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.