අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි
නව ජීවන රටාවට අනුගත වෙමින් මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කළා.
මේ වනවිට කොරෝනා වසංගතය පෙරටත් වඩා දරුණුව පැවතිය ද, පසුගිය අවුරුද්දේ අත්දැකීම් සමග, නීතිරීති යම් දුරකට ලිහිල් කිරීම මධ්‍යයේ මෙවර අවුරුද්ද සැමරිය හැකි බවයි එහි දැක්වෙන්නේ.
ඒ අනුව, මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී, අවුරුදු ගමන් බිමන් යාමේදී, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් සහ ලබාදී ඇති උපදෙස් අනුව, කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට, දැනුම් දෙනවා.
සියලුම අවුරුදු චාරිත්‍ර තම නිවසේදී සිදුකරන ලෙසත්, පුන්‍ය කාලයේදී පුන්‍ය කටයුතු හැකිතාක් දුරට නිවසට වී සිදුකරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙනවා.
එසේම, නිවසේ සියලුදෙනා එකට එක්වී අවුරුදු ක්‍රීඩා කළ හැකි බවයි අදාළ මාර්ගෝපදේශයන්හි දැක්වෙන්නේ.
නෑදෑ ගමන් යාම, කැවිලි හුවමාරු කර ගැනීම මෙන්ම, නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදුකරන අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව සංවිධානය හැකිතාක් දුරට අවම කළ යුතු බව ද එම සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වනවා.
කෙසේ වෙතත්, ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධාන කිරීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ මාර්ගෝපදේශ තුලින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අවුරුදු උත්සව වලදී සංවිධායකයින්, තරග සඳහා සහභාගි වන්නන් හා නරඹන්නන් අනුගමනය කළ යුතු උපදෙස් වෙන් වෙන්ව සඳහන් කර තිබෙනවා.
මේ අතර, අලුත් අවුරුදු උත්සව වල අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු ද සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ මාර්ගෝපදේශවල ඇතුළත් වනවා.
ඒ අනුව, කොරෝනා වසංගතය පැතිරිය හැකි අවදානම සලකා කඹ ඇඳීම සහ කොට්ටපොර ගැසීම යන ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මීට අමතරව, අවුරුදු උත්සව වල සෙසු තරග පැවැත්විය යුතු ආකාරය ද එහි වෙන් වෙන්ව සඳහන් කර තිබෙනවා.