මැතිවරණ නීති සම්බන්ධ යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට
දැනට පවතින මැතිවරණ නීතිවල දුර්වලතා හඳුනාගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.
ඉන් අනතුරුව කතානායකවරයා විසින් අදාළ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 15 දෙනෙකු පත් කරනු ඇති.
මෙම තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක කාලයක් තුළ නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව අදාළ යෝජනාවේ සඳහන් වනවා.
දැනට ක්‍රියාත්මක මැතිවරණ, ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීතිරීතිවල පවතින දුර්වලතා හදුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීමයි.
මෙලෙස විශේෂ තේරීම් කාරක සභාවක් පත්කල යුතු බවට වන මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්.
එසේම ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ යෝජනාව විෂයභාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
රැස්වීම පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි වර්තා වන්නේ.