ධීවර වෘත්තීය සමිතියකින් විරෝධයක්
ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මත්ස්‍ය සම්පත අත්පත් කර ගැනීමට අවසර ලබා දුනහොත් දැඩි විරෝධතා ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වන බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.
එහි සභාපති රත්න ගමගේ පෙන්වා දෙන්නේ මෙරට මුහුදු සීමාවට ඉන්දීය ධීවර යාත්‍රා වලට ඇතුළු වීම සදහා බලපත්‍ර ක්‍රමයට අවසර ලබා දීමේ සූදානමක් පවතින බවටයි.