ධර්මසිරිගේ මි. 136ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

දැනට විදෙස්ගතව සිටිමින් ශ්‍රී ලංකාවේ අපරාධමෙහෙයවන ධර්මසිරි පෙරේරා නැමැත්තා එවූ බව කියන රුපියල් මිලියන 136ක මුදලක් සිය ගිණුමක තබා ගත් බව කියන සැකකරුවෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන ධර්මාරාම පාර ප්‍ර දේශයේදී 27 හැවැරිදි පුද්ගයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ධර්මසිරි පෙරේරා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 49ක මුදලක් එවා තිබූ අතර එම මුදලින් කොටසක් තබාගත් පුද්ගලයෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම මුදලින් රුපියල් කොටි 13.6ක මුදලක් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුගේ ගිණුමේ තිබූ බව පොලීසිය පවසයි.