තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 25 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,946 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අතරින් මගී ගුවන් යානා 12 කින් ගුවන් මගීන් 972 දෙනෙකු මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණ සිටි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 225 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 154 දෙනෙකු ද සිටියහ .
මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි සියලුම ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 974 දෙනෙකු ගුවන් යානා 13 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
එසේ පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර එංගලන්තයේ ලන්ඩන් වෙත 248 දෙනෙකු ද , සෞදි අරාබියේ දමාම් වෙත 185 දෙනෙකු සිටියහ .
එසේම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 23 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .