ඇස්ට්රාසෙනෙකා එන්නතට රටවල් කිහිපයකින් සීමා
ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වාදී තිබේ.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නත භාවිතය සඳහා සීමා හඳුන්වාදීමට පෘතුගාලය සහ නෙදර්ලන්තය කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ, වයස 60ට වැඩි පිරිසට පමණක් එන්නත ලබාදීමටය.
එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවූ රුධිර කැටිගැසීම හේතුවෙන් එක්සත් රාජධානියෙන් සහ යුරෝපයෙන් පුද්ගල මරණ වාර්තා වී තිබුණි.
රුධිරය කැටිගැසීම් හා එන්නත අතර යම් සබඳතාවක් ඇතැයි හඳුනාගැනීමත් ඔවුන්ගේ එම තීරණයට හේතු වී තිබේ.
මේ අතර, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මුල්කරගෙන සිය එන්නත් මිලදීගැනීමේ සැලැස්ම වෙනස්කිරීමට අප්රිකානු සංගමය පියවර ගත්තේය.
ඔවුන් පවසන්නේ, ඉන්දියාවේ සීරම් සමාගමෙන් ඇස්ට්රාසෙනෙකා එන්නත් ලබාගැනීමට පැවති සැලැස්ම අත්හැරීමට තීරණය කළ බවය.