යාපනයේ කොවිඩ් රෝගීන් ඉහළට

යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙකු ඊයේ (08) දිනයේ හඳුනාගෙන තිබූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අද (09) දිනය තුළදී ද යාපනයේ කොවිඩ් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වියහැකි බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“මීට පෙර දවස්වලට වඩා ඊයේ දවසේදී වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වුණා. ඉන් 303 දෙනෙක් විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් අය. ඉන් 128ක්ම හඳුනාගෙන තිබුණේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ නිරෝධායන කාලය අවසන් කිරීමට නියමිත පිරිසගේ කරන PCR පරීක්ෂණ හරහා තමයි අපි මේ රෝගීන් හඳුනගත්තේ. අද දවස තුළත් ඒ වගේ රෝගීන් වාර්තා වෙයි. ඔවුන් නිරෝධායනයකර තියෙන නිසා සමාජයට තර්ජනයක් නෑ.”

මේ අතර උත්සව සමයේ ජනතාව ඒකරාශීවන ස්ථානවලට යෑමෙන් වළකින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේ ගමන් කරන්නේ නම් මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවද ඔහු පෙන්වා දෙයි.

“අපි මේ දක්වා මේ රටේ කොවිඩ් රෝගය ඉතා සාර්ථකව පාලනය කරලා තියෙනවා. බලවත් රටවල්වල කොවිඩ් රැළි නැවත නැවතත් ව්‍යාප්ත වෙන තත්ත්වයක් දකින්න තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ දායකත්වය දිගින් දිගටම අපි බලාපොරොත්තුවෙනවා. ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුද්ද තමන්ගේ පවුලටම පමණක් සීමාකර ගන්න. උත්සව, සැනකෙළි, ජනතාව ඒකරාශීවන ස්ථානවලට යෑමෙන් වළකින්න.”