CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ස්ථාන මාරු කර තිබේ.

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත මහජන ආරක්ෂාව පිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවිම් සිදුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.