රත්මලාන ගුවන්තොටුපොළට වෙනස් මුහුණුවරක්

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවරගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව විනෝදාස්වාදජනක ගුවන් ගමන්, විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාළ ගුවන් ගමන් සඳහා රත්මලාන ගුවන් තොටුපොළ ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සඳහා ද රත්මලාන ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ ආදායම් ලබන පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට එමගින් අපේක්ෂා කෙරෙන බව සඳහන් ය.