මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා අභාවප්‍රාප්ත වෙයි

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (11) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛද්‍ය වසන්ත දිසානායක මහතා මියයන විට 58වන වියේ පසුවිය.

දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා රෝහලේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලැබීය.

පිළිකා රෝගීන් කලින් හදඳනාගැනීම සඳහා වන පෙට්ස් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද වෛද්‍ය වසන්ත දිසානායක මහතාය.

අභාවප්‍රාප්ත වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥතීන් සඳහන් කරයි.