ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත ඇමරිකාව තාවකාලිකව භාවිතය අත්හිටුවයි

ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය මත , දුර්ලභ රුධිර කැටි ගැසීමේ සංකූලතාවය නිසා ඇමරිකාව තුල කොවිඩ් 19 වෛරසයට එරෙහි ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය පවසා ඇත්තේ මිලියන 6.8ක මාත්‍රා ප්‍රමාණයකින් රුධිරය කැටි ගැසීමේ රෝගීන් 06 ක් වාර්තා වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම තත්ත්වය මත යුරෝපයද මෙම එන්නත ලබා ගැනීම ප්‍රමාද කරනු ඇති බවයි එම සමාගම පවසා තිබෙන්නේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේද මෙවැනිම තත්ත්වයක් වාර්තා වුණි.

මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඇමරිකාව තුළ ලබා දීම ආරම්භ කෙරුණේ පසුගිය පෙබරවාරි 27 වැනි දින සිටය.

ඒ අනුව මේ වන විට ඇමරිකාව තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන්නේ ෆයිසර් බයෝඑන්ටෙක් එනත හා මොඩර්නා එන්නත පමණි.