අනුරාධපුර නව බස් නැවතුම්පලේ මත්කුඩු ජාවාරමේ යෙදුණු 58 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට
ඉරන්ති පියසේන – අනුරාධපුර
අනුරාධපුර නව බස් නැවතුම්පලේ රෙදි වෙළඳ සලක සේවය කරන මුවාවෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 14 වන දින අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කේරල ගංජා ,ගංජා සහ දුම්කොළ යන ද්‍රව්‍යයන් මිශ්‍රකර තූල් නමැති මත්ද්‍රව්‍යය සකසා අනුරාධපුර නගරයට පැමිණෙන අතිරේක පන්ති වලට සහභාගී වන දරුවන්ට සහ තරුණ පිරිස් වලට විකිණීම මොහු විසින් සිදු කර ඇත.
මොහු කුලියාපිටිය පදිංචිකරුවෙක් වන අතර අනුරාධපුර ,කුම්බිච්චන්කුලම ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචි වී තිබේ. අනුරාධපුර පොලීසියට පෙරේදා සවස ලැබුණු තොරතුරකට අනුව කූබිච්චන්කුලම වැව ආසන්නයේ දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයාගේ ත්‍රිරෝද රථයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 650ක්, තූල් ග්‍රෑම් 160 හා ගංජා ග්‍රෑම් 7 හමුවී තිබේ. .ත්‍රිරෝද රථය හා මොහුගේ කුලී කාමරයේ තිබී මේවා කිරිම සඳහා භාවිතා කළ විද්‍යුත් තරාදියක් ද පොලිසිය භාරයට ගන්නා ලදී .