අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15) සවස 6.30 පමණ අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ප්‍රදේශයට දැඩි උෂ්ණත්වයක් පැවතියත් සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇඳ හැලුණ බව අප වාර්තාකරු කියා සිටියේය.

අකුණු අනතුරු හේතුවෙන් මේ වසර දී පුද්ගල මරණ 8ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.