වසර 109ක් පැරණි සුරාබදු නීති සංශෝධනයට සැරසේ
වසර 109ක් පැරණි සුරාබදු නීති සංශෝධනය කිරීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ එම කමිටුවේ මූලික වාර්තාව ජූනි 30 වනදාට පෙර ලබාදීමට සැලසුම්කර ඇති බවය.
“වර්තමානයේ පවතින ව්‍යාපාරික සහ සමාජ ප්රවණතා අනුව එම නීතිය වෙනස් වියයුතු බවට විවිධ පාර්ශ්ව වරින්වර පෙන්වා දුන්නා. ඒ අනුව වර්තමාන සුරාබදු නීතිය කාලානුරූපිව සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළා. සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම කමිටුව නියෝජනය කරනවා. ඒ අනුව වර්තමානයට ගැලපෙන පරිදි සුරාබදු නීතිය සංශෝධනය කෙරෙනවා.”