තිස්සමහාරාමෙත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයක් …
තිස්සමහාරාම ප්‍රදේශයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයකු අසත්‍ය තොරතුරු ලබා දී හම්බන්තොට මහ රෝහලට ඇතුළත් වීමේ සිද්ධියක් හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලයේ අටදෙනකු නිරෝධායනයට යොමු කිරීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය.
සේනපුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිද මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට ඉකුත් 12 වැනිදා පීසීආර් පරීක්ෂණය සිදු කර නිරෝධායනයට යොමු කර සිටියදී අසත්‍ය තොරතුරු ලබා දෙමින් 13 වැනිදා හම්බන්තොට රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබිණි.