යුරෝපීය සුපර් පාපන්දු ලීගය ට විරෝධය
යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බිහි කිරීමට සැලසුම් කර ඇති යුරෝපීය සුපර් ලීගය ඇතිකළේ පාපන්දු ක්‍රීඩාව බේරාගැනීමට බව රියාල් මැඩ්රිඩ් සමාජයේ සභාපති ෆ්ලොරෙන්ටීනෝ ෆෙරෙස් පවසයි.
එම නව පාපන්දු ලීගය ස්ථාපනය කිරීමට මේ වන විට රියාල් මැඩ්රිඩ් ඇතුළු පාපන්දු සමාජ 12ක් එකඟ වී තිබේ.
එම නව ලීග යේ තරඟ සති මැද පැවැත්වීමට කටයුතු සිදුකෙරෙමින් පවතී.
සෑමවිටම වෙනසක් කිරීමට යන විට ඊට විරෝධය පළවීම සාමාන්‍ය දෙයක් බව ෆෙරෙස් පැවසීය.
එක්සත් රාජධානියේ ප්රමුඛ පාපන්දු ක්‍රීඩා සමාජ වන ආසනල්, චෙල්සි, ලිවර්පූල්, මැන්චෙස්ටර් සිටි, මැන්චෙස්ටර් යුනයිටඩ්, සහ ටෝට්න්හැම් ඊට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
එසේම, ඒසී මිලාන්, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ්, බාර්සිලෝනා, ඉන්ට මිලාන්, යුවෙන්ටස් සහ රියාල් මැඩ්රිඩ් එම යුරෝපීය සුපර් ලීගය හා එක්වීමට එකඟතාව ප්‍රකාශ කර ඇති පාපන්දු සමාජ වේ.