කෙහෙළියගේ මාධ්‍ය හමුවේ සිටි ITN මාධවේදියකුට කොරෝනා

ස්වාධීන රූපවාහිනියේ කැමරා ශිල්පියකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි සැකයක් මතුව ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ආදාළ මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවට ද එක්ව සිට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔහු සම්බන්ධයෙන් තව දුරටත් සෞඛ අංශ පරීක්ෂණ සිදුකරන බවයි.

එම තත්ත්වය හේතුවෙන් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියළු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත තොරතුරු ලබාදී ඇති බවත්,සෞඛ්‍ය උපදෙස හා මගපෙන්වීම් සෞක්‍ය අංශ විසින් එම මාධ්‍ය වේදීන් වෙත කඩිනමින් ලබා දෙන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ හා කෙහෙළිය රඹුක්වැල්ල යන දෙදෙනාට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.
ඔවුන්ට ද ආරක්ෂිත සෞඛ්‍ය විධිවිධාන අනුව කටයුතු කරන ලෙස දන්වා ඇති බව පැවසේ.

මිනුවන්ගොඩ පැවැති ස්වාධීන රූපවාහිනියේ ළමා වැඩසටහනකට සහභාගිවූ පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරන අතර මෙම මාධ්‍යවේදියා ඔහුට උණ පැවැති බව කියමින් ස්වෙච්ඡාවෙන්ම PCR පරීක්ෂණයක් සිදුකර ගැනීම නිසා ඔහුට Covid -19 ආසාදනය වී ඇති බවට පළමු පරීක්ෂණයෙන් නිර්ණය වී ඇති බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වේ.