එන්නතින් සංකූලතාවක් ආවොත් ජාතික රෝහල සුදානම්

කොවිඩ් එන්නත ලබාදීමේන් පසු යම්කිසි සංකූලතාවක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීමට කොළඹ ජාතික රෝහල සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පැවැසීය.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ කොළඹ ජාතික රෝහලෙ දැඩි සත්කර ඒකකය හා විශේෂ ප්‍රතිකාර ඒකකය ඒ සඳහා සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!