කුලියාපිටියේ පැත්තක් වසයි

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා)  පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී බ්‍රිගේඩියර් සජිත් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී දැනට පවතින පැතිරයාමේ අවධානම සැළකිල්ලට එසේ සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උත්පල සංකල්ප මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි.

ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ යළිත් සංචරණ සීමා පැනවී ඇති බවද පැවසූ එ් මහතා කඩිනමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහයෝගය දැක්වීමෙන් පමණක් නැවත අදාළ ගම්මානවල සීමා ලිහිල්වෙනු ඇති බවද පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර