පස්සර 13 කනුව අනතුරේ රියදුරු හමුදෙවෙන් පළා ආ ලාන්ස් කෝප්‍රල්වරයෙක් ….
පස්සර 13 කනුව ප්‍රදේශයේදී මගීන් 14කට මරු කැඳවූ බස් අනතුරේ රියදුරු හමුදෙවෙන් පළා ආ ලාන්ස් කෝප්‍රල්වරයෙක් බව අනාවරණය වී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටී.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ කොඩිතුවක්කු ආරච්චිගේ නිහාල් චන්දකුමාර නැමැති අදාළ රියදුරු මීට වසර 10කට පමණ පෙර වසර 2011දී යුද හමුදාවෙන් පැන ආ අයෙක් බවයි.
ඔහුට මේවන විට යුද හමුදා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසේ.
මේ අනතුර සිදුවූ බස් රථයේ රියදුරු යදු හමුදා ගැමුණු සේවා බලකායේ අයෙක් බවද බ්‍රිගේඩියර්වරයා හෙළිකර තිබේ