විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලසීමාව යළි දින 14 ක් දක්වා දීර්ඝ කරයි
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලසීමාව යළි දින 14 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ලොවපුරා නව කොවිඩ් ප්‍රභේද රැසක් හඳුනාගෙන තිබීම හේතුවෙන් සහ ඇතැම් කොවිඩ් ප්රභේදවල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක කාලසීමාවක් ගතවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාලසීමාව මීට පෙරද දින 14 ක් ලෙස තීරණය කර තිබූ නමුත් වසංගත තත්වය අවම වීම හේතුවෙන් පසුව එය දින 07 ක් දක්වා අඩු කිරීමට තීරණය කළේය.