බදුයුදීන් අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් පිටුව හරහා දෙමළ බසින් වීඩියෝවක් මුදාහරියි
රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුයම 3.30 ට පමණ බව පැවසේ.
කෙසේවුවද, ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර සිය නිල ෆේස්බුක් පිටුව හරහා දෙමළ බසින් වීඩියෝවක් මුදාහැර තිබේ.
ඒ හරහා රිෂාද් බදියුදීන් මහතා මෙසේ පවසා ඇතැයි ‘මව්රට’ වාර්තා කර ඇත.
“වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්.
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.