ජනපති සමාව රන්ජන්ට ලැබුණොත් , හරීන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට යයි

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබුනහොත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීමට තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හරීන් එසේ ඉල්ලා අස්වීමට සූදානම්වන්නේ මෙවර පළාත් සභා මැතිවරණයට බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස නිර්පාක්ෂිකව තරග කරන ලෙස ඔහු වෙත ලැබී ඇති ඉල්ලීම් නිසා යැයිද පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු එජාපයේ සිටි සමයේදී ඌව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් එය ජය ගැනීමට සමත් විය. එය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් විය.

රන්ජන්ට නිදහස ඉල්ලා සජිත්ගෙන් ලිඛිත ඉල්ලීමක්!

මේ අතර ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පලව තිබේ.

එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් මේ වන විට අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

ඔහු බැලීම සඳහා නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුගිය දිනවල බන්ධනාගාරයට ගොස් ඔහු සමග පැය භාගයක කාලයක් කතාබහක නිරත වී තිබිණි.