ගෝලීය කොවිඩ් ආසාදිතයන් අඛණ්ඩව නව වැනි සතියටත් ඉහළ ගිහිල්ලා – WHO ප්‍රධානී
ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතියටත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (26දා) ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
“ගෝලීය වශයෙන්, කොවිඩ්-19 වසංගතය දිගටම උත්සන්න වෙමින් පවතිනවා. දැන් නවවැනි සතිය සඳහා ආසාදන වැඩි වී ඇති අතර, අඛණ්ඩව හයවැනි සතියටත් මරණ වැඩි වී තිබෙනවා.” ටෙඩ්රෝස් පැවසීය. “වසංගතයේ පළමු මාස පහ තුළ මෙන් පසුගිය සතියේ ගෝලීය වශයෙන් බොහෝ ආසාදන වර්ධනයක් දකින්නට පුළුවන්.”
කලාප කිහිපයක සිදුවීම් හා මරණවල කුඩා අඩුවීමක් දැකීම සතුටට කරුණක් බව ටෙඩ්රොස් පැවසූ නමුත් බොහෝ රටවල් තවමත් දැඩි සම්ප්‍රේෂණයකට ලක්ව සිටින බව පැවසීය.
ඉන්දියාවේ දුක්ඛිත තත්ත්වය හද කම්පා කරවනසුලු තත්ත්වයක් යැයි ටෙඩ්රෝස් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්සිජන් සාන්ද්‍රක දහස් ගණනක්, පෙර සැකසූ ජංගම ක්ෂේත්‍ර රෝහල් සහ රසායනාගාර සැපයුම් ඇතුළු තීරණාත්මක උපකරණ සහ සැපයුම් ඉන්දියාව වෙත සපයන බවද සඳහන් කළේය.
ඉන්දියාවේ ප්‍රතිචාරයට සහාය දැක්වීමට සහ නිරීක්ෂණ, තාක්ෂණික උපදෙස් සහ එන්නත් කිරීමේ ප්රයත්නයන් සඳහා සහාය ලබාදීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 2,600කට අධික කාර්ය මණ්ඩලයක් නැවත සේවයේ යොදවා ඇති බවද සඳහන් වෙයි.