චීන ආරක්ෂක ඇමති අද පැමිණෙයි

චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27දා) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

පස්වරු 07.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට පැමිණෙන ඒ මහතා අප්‍රේල් 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතය.