ඔක්සිජන් සිලින්ඩර් 400ක් ඇණවුම් කරයි
නව ඔක්සිජන් සිලින්ඩර් 400 අද ලැබීමට නීයමිත බවත් ඉන්දියාවේ මෙන් ඔක්සිජන් හිඟයක් ලංකාවේ ඇති නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (27දා) පැවසීය.
කොරෝනා රෝගින්ගේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍යතාව දෙගුණයක් වීම සැලකිල්ලට ගනිමින් මෙම ඔක්සිජන් සිලින්ඩර ඇනවුම් කල බව ඒ මහතා පැවසීය.
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඔක්සිජන් තිබිය යුතු ප්‍රමාණයට තිබෙන බව සඳහන් කළ ඒ මහතා සැපයුම්කරුවන්ගෙන් අද වන විට නව සිලින්ඩර් හාරසීයක් ලැබීමට නියමිත බවද පැවසීය.
රේඛා තරංගනී