විපක්ෂ නායක රටවල් කිහිපයක තානාපතිවරුන් හමුවේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ යුරෝපා සංගමයේ නියෝජනය කරන රටවල් 5 ක තානාපතිවරුන් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි, ප්‍රංශ තානාපති එරික් ලැවටු, ඉතාලි තානාපතිනී රීටා මැනිල්ලා, ජර්මන් තානපති හොල්ගර් ෂූබර්ට් සහ රුමේනියානු තානාපති වික්ටර් චෙයිඩුවා ඊට එක්වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මෙරට කොරෝනා තත්ත්වය, මානව, සිවිල්, ආර්ථික, සාමාජීය දේශපාලන මෙන්ම ආගමික හා සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම ආදි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජනබලවේගය ජනතාවගේ සියලු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වන බවයි.