උසස් පෙළ ප්‍රතිඵල සතියකින්

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

“උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූයේ පසුගිය වසරේ නොවැම්බර් පළමු සතියේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 362,000ක් මේ විභාගය සඳහා පෙනී සිටියා. පසුගිය දිනවල උත්තරපත්‍ර පරීක්ෂකයන්, විභාග කොමසාරිස් ජෙනරාල් ඇතුළු සියලු ම නිලධාරීන්ගේ දැඩි කැපවීම මත අපට හැකියාව ලැබිල තියෙනවා සතියක කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!