ජූලි 14 දා තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති දප්පුලද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
 
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද එය වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.