බස්නාහිර නිරෝධායන නීති කැඩූ ආයතන 2023ක්
බස්නාහිර පළාතේ නිරෝධායන නීති කඩ කළ 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේ 3 සිට 6 දක්වා පැය තුනක කාලය තුළ මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
ඒ අනුව ආයතන 2320ක් හා පුද්ගලයින් 6320ක් එහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අතරින් ආයතන 2023ක් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.