පිළිකා කාරක අඩංගු තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක්, ප්‍රතිඅපනයනය කෙරේ

පිළිකා කාරක අඩංගු තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක්, ප්‍රතිඅපනයනය කෙරේ

පිළිකාකාරක අඩංගු බවට අනාවරණ වීම හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලැබුණු එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම විසින් ගෙන්වූ තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායට ඊයේ රැගෙන ආවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව අදාළ පොල්තෙල් තොගය එළඹෙන 4 වන දා මලයාසියාවට ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති.

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 1850ක් මෙරට සමාගම් 3ක් විසින් ආනයනය කර තිබුණා.

එලෙස පිලිකා කාරක පොල්තෙල් ගෙන්වූ එදිරිසිංහ සමාගමේ පොල්තෙල් වලින් මෙට්‍රික් ටොන් 105ක කොටසක් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගිය දා පියවර ගෙන තිබුණා.