දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

මෙරටට දිසිඳි  (කැබලි කරන ලද ) පොල්  ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු , 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ නියමයන් දැක්වෙන රජයේ නිවේදනයක් පසුගිය අප්‍රේල් 27 වනදා  ප්‍රකාශයට පත් කර කෙරුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ් අනුව දිසිඳි පොල් ආනයනයේ දී කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 300ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත දිසිඳි පොල් මාසයකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 13,000 රජයට අයත් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත ආනයනය කිරීමට විශේෂ බදු සහනයක් සලසා ඇත්තේ ඒ් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියලක් ලෙසින් නියම කරමින්.

මෙම විශේෂ බදු සහනය 2021 අප්‍රේල් 28 දින සිට මාස 03ක කාලයක් දක්වා වලංගු වන බවයි එම නියෝගයේ දැක්වෙන්නේ.

චොක්ලට්, කේක්, බිස්කට්, රසකැවිලි පොල් තෙල් හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගනු ලබයි.