හොඳම ත්රිමාණ චිත්රපටය ‘සෝල්’
පසුගිය වසරේ වඩාත්ම කතාබහට ලක්වූ කාටුන් චිත්රපටය වන ‘සෝල්’ චිත්රපටය මෙවර ‘ඇකඩමි’ සම්මාන උළලේදී වසරේ හොඳම ත්රිමාණ චිත්රපටය බවට පත් විය. පසුගිය වසරේ දෙසැම්බර් 25 වැනිදා ඇමෙරිකාවට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය වූ මෙම චිත්රපටය ආදායම් උපයා ගැනිම අතින් අසාර්ථක එකක්ද විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 150කට වඩා වැඩි නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළද මෙම චිත්රපටයට උපයාගත හැකි වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 131ක් පමණි. ‘සෝල්’ චිත්රපටය පිට් ඩොක්ටර්ගේ අධ්යක්ෂණයකි.