හිගුරක්ගොඩ මුලික රෝහලත් කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි

හිගුරක්ගොඩ මුලික රෝහල කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  බවට  පත්කර එහි දැනට සමාන්‍ය රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු දෙනා පොලොන්නරුව මහ රෝහල වෙත යොමු කර  අද (02) දින සිට කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක  විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

ඒ අනුව කොව්ඩ් රෝගීන් 200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා ඇති බවත්  වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොදවා ඇති බවත් තවද මැදිරිගිරිය මුලික රෝහලේ ඉදිවෙමින් පවතින වාට්ටු සංකිර්ණයක් කඩිනමින් නවිකරණය කර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැනිමට කටයුතු සුදානම් කර ඇති බවයි. හිගුරක්ගොඩ රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ලබා ගැනිම සිදු කලත් පෙර පරිදිම රෝහලේ සමාන්‍ය කටයුතු සිදු කරන අතර   වැඩිදුර ප්‍රතිකාර ලබාදිම සදහා මැදිරිගිරිය මුලික රෝහල වෙත හෝ පොලොන්නරුව මහ රෝහල වෙත යැවිමට කටයුතු කරන බව අධ්‍යක්ෂකවරා වැඩිදුරටත්  පැවැසිය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!