දක්ෂිණ අධිවේගයේ දැඩි වාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළ අද (03) උදෑසන අධික රථවාහන තදබදයක් දක්නට ලැබෙන බව අප ප්රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග එම පිවිසුමේ ප්රවේශපත් කවුළුව තාවකාලිකව වසා දැමුණි.
ඒ හේතුවෙන් මාතර දෙසින් පැමිණෙන වාහනවලට කහතුඩුව ප්රවේශපත් කවුළුවෙන් මුදල් ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවීමට සිදුවිය.