ප්‍රවීන් ජයවික්‍රම ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437ක ඉලක්කයක් හඹාගිය සංචාරක බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය.
ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5යි.
ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 103ට කඩුලු 4යි.
මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකියාව ලැබුණි.
තරඟය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.
ලකුණු විස්තරය කෙටියෙන්:
ශ්‍රී ලංකා කණ්ඩායම 493/7 සහ 194/9
බංග්ලාදේශ කණ්ඩායම 251 සහ 227
තම මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඒ අනුව ජයවික්‍රමගේ නම වාර්තාගත වේ.
එසේම 2008ට පසු එවැනි දස්කමක් දැක්වූ පළමු පන්දුයවන්නා ද වේ.
එම වසරේ දී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟයකදී ඔස්ට්‍රේලියාවේ ජේසන් ක්‍රේසා ලකුණු 358කට කඩුලු 12ක් දවාගත්තේය.