පොලිස් නිලධාරින් 16ක් නිරෝධායනයට

ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!