මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 6141 දක්වා ඉහළට

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 120 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 10.00 වන විට 6141 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම නව ආසාදිතයින් 120 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දාහත වන්නේ උඩදුම්බර 33, මැණික්හින්න 16, කඩුගන්නාව 13, හාරිස්පත්තුව 11, ගඟවටකොරළේ, හතරලියද්ද, කුණ්ඩසාලේ 9 බැගින්, මහනුවර නගර සීමාව 5පූජාපිටිය 3, අකුරණ, මැදදුම්බර, පන්විල, උඩුනුවර 2 බැගින්, බඹරදෙණිය, දොලුව, ගලහ, ගම්පොල 1 ක් ලෙසිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවන්නේ මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ 875 කි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 562 ක් ද කුණ්ඩසාලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 473 ක්ද වාර්තාවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාවන ආසාදිත මරණ  සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් ඇත.