කොග්ගල අඟළුම් පොකුර 107ක් වෙයි
අලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුළදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මේ වනවිට මෙකි ඇගලුම් සේවක සේවිකාවන් ගේ ආශ්‍රිතයින් 350කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පුද්ගලයින් 52 නෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැතිවිම නිසා තවමත් නිවෙස්වල සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.