විදෙස් ජාතිකයන් නිරෝධායන කරන මධ්‍යස්ථාන වසා දමන්නැයි නියෝග !
මුදල් අයකරමින් විදෙස් ජාතිකයන් නිරෝධායනය කිරීම සඳහා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වසා දමන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.
ව්‍යාපාරිකයන් පිරිසකගේ සහ රජය නියෝජනය කරන පුද්ගලයන් පිරිසකගේ මැදිහත්වීම මත, මුදල් අයකර ඉන්දියානු ජාතිකයන් මෙරටදී නිරෝධායනය කිරීමේ ව්‍යාපරයක් දියත් වන බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අතර කෙසේ නමුත් එම අවස්ථාවේදී රජයේ අමාත්‍යවරුන් සඳහන් කළේ එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බවයි. කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම චෝදනාව පට්ටපල් බොරුවක් බවයි.
එහෙත් මේ වනවිට විදෙස් ජාතිකයන් මෙරටදී නිරෝධායනය සිදු කරන බවට තහවුරු වී ඇති අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද පසුගියදා ඒ බව පිළිගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදීද පාර්ලිමේන්තුවේ කතාබහට ලක් විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රශ්න කළේය.
ඊයේ (04) රාත්‍රී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගිවෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ තමාගේ කිසිදු දැනුවත්භාවයකින් තොරව මෙම වැඩපිළිවෙල දියත් වූ බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව දැනුවත් වූ වහාම එය නතර කිරීම සඳහා උපදෙස් දුන් බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.