මොනරාගල නව ආසාදිතයින් ඉහළට

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (05) පෙ.ව 10.00 වන විට නව කොවිඩ් 19 රෝගීන් 18 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මැදගමින් 06,බුත්තලින් 05,බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලින් දෙදෙනා බැගින්ද මොනරාගල,වැල්ලවාය සහ කතරගම යන ප්‍රදේශවලින් එක් රෝගියෙකුද මෙලෙස හමුවී ඇත. මෙම රෝගීන් කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1206 කි.

දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ 2,292 නිවෙස් වල නිරෝධායනවෙමින් සිටී.

එම පුද්ගලයින්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශ මත රුපියල් දසදහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.

මොනරාගල සුමනසිරි ගුණතිලක