කොරෝනා නිසා රැකියාවලට පැමිණිය නොහැකි සේවකයන්ට වැටුපෙන් අර්ධයක්
කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත්, රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත් ඉඩකඩ සලසා ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ඇමතිවරයා පවසන්නේ කම්කරු දෙපාර්තමේන්තුව,හාම්පුතුන් සහ වෘත්තීය සමිති එක්ව ජාතික මට්ටමෙන් සාකච්ජා කර එම තීරණවලට එළඹ තිබෙන බවයි.
එමෙන්ම යම් කිසි හෙයකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුවුණහොත් සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩ කඩ සලසා දී ඇති බවද කම්කරු අමාත්‍යවරයා සඳහන් කරනවා.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව රට තුළ 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී පැවසුවා.