ලංකාවට ඉන්දීය ගුවන් මගීන් පැමිණීම අත්හිටුවයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තුරු , ශ්‍රී ලංකාවට පැමිණීම  ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත මහතා පැවසීය .

ඒ අනුව ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්දියාවේ සිට ගුවන් මගීන් රැගත් ගුවන් යානා කිසිවක් නොපැමිණි බව ද ජයකාන්ත මහතා පැවසීය .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහෙත් තවදුරටත් ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගුවන් ගමන් පහසුකම් සළසා ගත හැකි බව ද ජයකාන්ත මහතා පැවසීය .

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඊයේ දින සිට ඉදිරි සතියක කාළසීමාව තුළ ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් මෙරටට රැගෙන ඒම අත්හිටුවන බව තමන් වෙත දැනුම් දී ඇතැයි පී.ඒ.ජයකාන්ත මහතා වැඩිදුරටත් පැවසීය .

එසේම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් රැගත්   ගුවන් යානා කීපයක්ම , සිය ගුවන් ගමන් මෙම නිවේදනයෙන් පසුව අවලංගු කර ඇති බව ද ජයකාන්ත මහතා පැවසීය .